ක්‍රිකට් ලොවේ ශ්‍රී ලංකාව රන් අකුරින් ලියවුනු කිසිදා නොබිදෙන දිනය අදයි .!

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගාලු ක්‍රීඩාංගණයේ තවත් ටෙස්ට් තරගයකට සුදානම් ය. නමුත් මීට හරියටම වසර හතකට පෙර ගාලු ක්‍රිඩාංගණයෙ සුවිශේෂි සිදුවීමක් සිදු විය. ලාරාගේ ලකුණු 400 , බ්‍රැඩ්මන්ගේ 99.94 සාමාන්‍ය මෙන්ම අතිශය සුවිශේෂි සංධිස්ථානයකට ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් ලගා විය.

ටෙස්ට් කඩුලු 800 යනු මින් පෙර කිසිදු පුද්ගලයෙකු ලගා වී නොතිබුනු හෝ සිතීමට හෝ නොහැකි වාර්තාවකි. ක්‍රිකට් ලොවේ බිහිවු සුපිරිතම පන්දු යවන්නා තමන් බව ලොවටම පෙන්වීමට ශ්‍රී ලංකාවේ අපෙ මුරලිට හැකි විය. ඕස්ට්‍රේලියානුවන්ගේ නොයෙකුත් බාධා කිරීම්  මැද ඔහුන්ගේ සුපිරි තරුව ශේන් වෝර්න් අභිබවා යාම මුලු ලොවෙහිම අවධානයට ලක් විය. මේ දිනය අප සැමරිය යුතු දිනයක් වන්නෙ එබැවිනි.

මුරලි 800 වෙනි කඩුල්ල ලබා ගත් අවස්තාව

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *