‌”ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරවනවා ?” ක්‍රිකට් ක්‍රීඩාවට බලාපොරොත්තුවක් ගෙනෙමින් දූෂීත බුකි සුමතිට අවසානයේ රතු එළියක් .!

ක්‍රිකට්‌ දියුණු කිරීම සඳහා හිටපු ක්‍රීඩකයන් සකස්‌ කර ඇති සැලැස්‌ම කෙසේ හෝ ක්‍රියාත්මක කරන බවත් ඊට ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය බාධා එල්ල වුවහොත් එය විසුරුවා හැර හෝ අවශ්‍ය තීන්දු ක්‍රියාත්මක කරන බවත් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර පවසනවා. පසුගියදා පැවැති මාධ්‍ය හමුවක් අමතමින් දයාසිරි අමාත්‍යවරයා මේ බව කියූ අතර , අමාත්‍යවරයා ප්‍රසිද්ධව සිටියේ තිලංග සුමතිපාල ප්‍රමුඛ දූෂීත ක්‍රීකට් පාලක මණ්ඩලය කෙසේ හෝ ආරක්ෂා කරන්නෙකු ලෙසටයි, මින් පෙර දයාසිරි ජයසේකර ‘ තමා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිටිනා තුරු තිලංග සුමතිපාලගේ පාලක මණ්ඩලය නොවිසුරුවන” ලෙසද කියා තිබුනා.

කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ නැගීම සහ ක්‍රිකට් ආයතනයේ දූෂණ නවතා දැමීමට හිටපු ක්‍රීඩකයන් සැලසුමක් සෑදු අතර මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම දූෂීත තිලංග සුමතිපාල ඇතුලු නඩය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටියා, ඒ මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම මගින් ක්‍රිකට් ආයතනයේ මුදල් ගසා කෑමට හෝ ක්‍රිකට් පාලනයට නැවත වරක් තේරී පත්වීමට අපහසු වන නිසයි.

හේමක අමරසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සාමාජිකයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්‌කාර හා තිලකරත්න දිල්ශාන් ඇතුළු ප්‍රවීණයන් සාකච්ඡා කර ක්‍රිකට්‌ දියුණු කිරීමට මෙම සැලසුම සකස්‌ කළ අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් දැනටමත් එහි පියවර කිහිපයක්‌ ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ ක්‍රීඩා අමාත්‍යංශය හෝ මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම කල් මරමින් සිටියා.

කෙසේ වෙතත් අවසානයේ මෙම සැලසුම පිළිබදව මාධ්‍යට අදහස් දැක්වූ දයාසිරි පවසන්නේ ගමෙන් සුදුසු ක්‍රීඩකයන් තෝරා ගැනීමට පළාත් හතරක ක්‍රීඩා සංගම් පිහිටුවා ඇති බවද එයින් ලබා ගන්නා දක්‌ෂ ක්‍රීඩකයන්ගෙන් සමන්විත සංචිතයක්‌ ඇති කිරීමට පියවර ගන්නා බවයි, තිලංග සුමතිපාල ඇතුලු දූෂීත නඩය දැඩි ලෙස විරුද්ධ ක්‍රිකට්‌ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන බව කී ඇමැතිවරයා පාලක මණ්‌ඩල නිලවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමට ඇති ඡන්ද 145 ඉදිරියේදී 75 කට පමණ අඩු කිරීමට පියවර ගන්නා බවද පවසනවා. නමුත් අමාත්‍යවරයාගේ ප්‍රකාශ කොතරම් විස්වාසනීයදැයි යන්න ගැටලුවකි.

අවසානයේ හෝ සත්‍යයක් කී අමාත්‍යවරයා පවසන්නේ ඇතැම් ක්‍රීඩා සමාජවල ඡන්ද බලාපොරොත්තුවෙන් ක්‍රිකට්‌ සම්බන්ධ තීරණ ගැනීමට ක්‍රිකට්‌ ආයතනයට බලපෑම් එල්ල වන බවද ඡන්ද සංඛ්‍යාව අඩු කිරීමෙන් මේ බලපෑම් නැතිව සෘජුව ක්‍රියා කිරීමට ක්‍රිකට්‌ ආයතනයට හැකි වන බවයි තමාට ක්‍රිකට්‌ නැංවීමට අවස්‌ථාව හා කාලය ලබාදෙන ලෙසද ඇමැතිවරයා අවසාන වශයෙන් කියා සිටියා. කෙසේ වෙතත් මෙම පුහු ප්‍රකාශ තිලංගගේ මුදලින් යැපෙනා දයාසිරි ජයසේක , ක්‍රිකට් රසිකයන්ගේ විරෝධය අඩු කිරීම පිණිස සිදු කරන ඒවා පමණක් දැයි ඉදිරියේදි දැක ගත හැකි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *