පියාගේ බලයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එන ලැජ්ජා නැති පතිරණ ලා – දයාසිරි නිදිද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ජාත්‍යන්තර ක්‍රිකට් සංචාරයකට සහභාගි වීමට නියමිතව සිටි කණ්ඩායමක් ගුවන්ගත වීමට මොහොතකට පෙර අවලංගු කොට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නැවත කැඳවීමක් පෙරේදා (4දා) රාත්‍රියේ වාර්තා විය. එයට හේතුව වූයේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ පූර්ව අනුමැතියක් නොමැතිව කණ්ඩායම පිටත්ව යෑමයි.

මෙම සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක්වූ අතර ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් සමඟ ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් ඊයේ සවස විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීය. ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල, ප්‍රධාන විධායක නිලධාරි අෑෂ්ලි ද සිල්වා ඇතුළු ක්‍රිකට් ආයතන නිලධාරීන් සහභාගි වූ මෙම රැස්වීමේදී අමාත්‍යවරයා පවසා ඇත්තේ මින් පසුව නියමිත වේලාවට පසුව එවන කිසිදු ක්‍රිකට් කණ්ඩායමකට අනුමැතිය ලබා නොදෙන බවත් පෙරේදා රාත්‍රියේ ක්‍රීඩකයන්ගේ ගුවන් ගමන් නතර කිරීමෙන් ගෙවීමට සිදුවන මුදල ක්‍රිකට් ආයතනයේ වගකිවයුතු නිලධාරියකුගෙන් අයකර ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් මේ සදහා හේතුව ඉන්දියාව සමග තරගාවලියට තෝරා ගත් කණ්ඩායම බව පැහැදිලිය, මහනුවර දිස්ත්‍රීක්කයේ ක්‍රිකට් සභාපති , තිලංග සුමතිපාල ක්‍රිකට් සභාපති ලෙස දිනවීමට විශාලම දායකත්වයක් ලබා දුන් ජානක පතිරණගේ පුතා සචිත් පතිරණ නැවතත් කණ්ඩායමට එක් කර තිබේ, සචිත් පතිරණ වර්තමානයේ ශ්‍රී ලංකා පලමු පෙළ හෝ ක්‍රීඩා නොකරන අතර මෝටර් රථ ධාවන තරග වලට සහභාගි වෙමින් කටයුතු කරයි, නමුත් ශ්‍රී ලංකාවේ හොදම ක්‍රීඩකයන් පහලොස් දෙනාට ඔහු නම් කිරීමට දූෂීත තිලංග ගේ කුක්කා ග්‍රැහැම් ලැබ්‍රෝයී කටයුතු කර තිබේ, මුන් මේ විනාශ කරමින් සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවමයි , පියා තිලංග සුමතිපාල වෙනුවෙන් ඡන්ද එකතු කල පලියට දක්ෂ ක්‍රීඩකයන් කපා , යම් ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායමට ගෙන එනවා නම් එය මහත් ද්‍රෝහී කමකි,

මෙම සංචිතයේ නායකත්වයද එවැනිම පලි ගැනීමකි, නිත්‍ය නායක‍යා උපුල් තරංග ඉවත් කොට මෙම තරගාවලිය සදහා තිසර පෙරේරා නායකත්වයට පත් කර තිබෙන්නේ දූෂීත තේරීම් සභාපති ලැබ්‍රෝයී සහ සුමතිගේ පලිගැනීමක් වශයෙනි, මේ දූෂීතයන් මේ විනාශ කරමින් සිටින්නේ ඔබගේත් මාගේත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවයි,

කෙසේ වෙතත් අවසානයේ ක්‍රීඩා අමාත්‍යවරයා කණ්ඩායමට එකගතාවය ලබා දුනි, අවසානයේ දූෂීත තේරීම් වලට එරෙහිව ඔහු කළ “ලබ්බක්” නැත.

තවද මෙකී ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් කණ්ඩායම තෝරා ගත් බවක් හෝ තෝරාගත් ක්‍රීඩකයන්ගේ නාම ලේඛනයක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් නොකළ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තෝරාගත් ක්‍රීඩකයන් පිළිබඳව මාධ්‍යටද වසන් කර තිබිණි. ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් අදාළ කණ්ඩායම තෝරා ගැනීමෙන් පසුව එම නාමලේඛනය අනුමැතිය සඳහා දින 21කට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතු යැයි ක්‍රීඩා නීතියේ සඳහන් වන අතර එසේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව කණ්ඩායමේ තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත නිකුත් කිරීමද සම්ප්‍රදායක් ලෙස පැවැතුණි.

එහෙත් රටේ ක්‍රීඩා නීතිය සහ පිළිගත් සම්ප්‍රදායට පිටුපාමින් එසේ හදිසියේම ක්‍රිකට් කණ්ඩායමක් විදෙස්ගත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකිව යුත්තන් තම හිතුමතේට අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයිද දැනගන්නට ඇත.

මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වන දයාසිරි ජයසේකර පවසා තිබුනේ මෙවැන්නකි ක්‍රීඩකයන්ට අදාළ යෝග්‍යතාවන් පිළිබඳව වෛද්‍යවරුන්ගෙන් කරුණු නොවිමසා රටින් පිටත් වීමට පැය තුන හතරකට පෙර තමන් වෙත ලැබෙන කණ්ඩායමකට තම අනුමැතිය ලබා දෙන්නේ කෙසේ දැයි පෙරළා විමසා සිටි අමාත්‍යවරයා ‘ගුවන් තොටුපොළට යන තෙක් කණ්ඩායම කවුද? යන්නෙ කවුද? කියලා මම දැනගෙන හිටියෙ නැහැ. මම ක්‍රීඩා 62ක පරිපාලනය භාරව ඉන්න කෙනෙක්. මට ක්‍රිකට් ආයතනය විතරක් හුරතල් කරන්න අවශ්‍යතාවක් නැහැ. තිසර පෙරේරා පෙරේදා රෑ කටුනායක ගුවන්තොටුපොළේ සිට කතා කළා. සර් අපි දැන් ගුවන් යානයට ගොඩවෙලා අවසන්. එහෙත් මම කීවේ කරන්න දෙයක් නැහැ. එන්න කියලා මම දැනුම් දුන්නා.’ යනුවෙන්ද කීය.

තවද ඊයේ පැවැති රැස්වීම සම්බන්ධවද මාධ්‍යයට අදහස් දැක්වූ ඇමැතිවරයා ‘මම පැහැදිලිවම කිව්වා ඔයාලා නිසා අපට බැනුම් අහන්න බැහැ හැමදාම. මේකෙ වගකීම කවුරු හරි භාරගන්න ඕන. සමහර ක්‍රීඩකයන් තෝරා ගත්ත ආකාරය ගැනත් මගේ පැහැදීමක් නැහැ. කුසල් ජනිත් තෝරා ගත්තෙ නැත්තෙ පුහුණුවීම්වලට ආවෙ නැති නිසාලු. මම කියන්නෙ ඒක විනය කඩකිරීමක් නම් ඒ හේතුව එළියට දාන්න. නැත්නම් එයා කපලා කියලයි මිනිස්සු හිතන්නෙ. කොහොම වුණත් කණ්ඩායම රාත්‍රියේදී පිටත් වෙනවා’ යනුවෙන්ද පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *