” හැමදෙයක්ම අමතක කරන්න – රට වෙනුවෙන් මට සහය දෙන්න ” නව නායක තිසර පෙරේරාගෙන් විශේෂ ප්‍රකාශයක් .!

ඉන්දියාව සමඟින් ඉදිරියේදී පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේදී හා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම තිසර පෙරේරාට පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ.

ඒ අනුව දෙසැම්බර් මස 10 වැනිදා ඉන්දියාව සමඟින් ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේදී මෙන්ම දෙසැම්බර් 20 වැනිදා ආරම්භ වන විස්සයි-20 තරගාවලියේදී පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවැරෙන්නේ තිසර පෙරේරාටය.

මෙයට පෙර එනම් 2017 වසරේ ජනවාරි මාසයේදී දකුණු අප්‍රිකාව සමඟින් පැවැති එක්දින තරගාවලියේ සිට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ ආන්ජලෝ මැතිවුස්ගේ නායකත්වය යටතේ පසුගිය කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම තරගාවලි පරාජය වී දැඩි පසුබෑමකට ලක්ව සිටි අතර ඉන්පසුව කණ්ඩායමේ නායකත්වය උපුල් තරංගට හිමි වුණා. කෙසේ වෙතත් ඉන්පසුව ක්‍රිකට් සභාපතිවරයා විසින් පාකිස්තාන සංචාරයක් ‍යොදා ගත් අතර , ආරක්ෂක තත්වය මත උපුල් තරංග විසින් මෙම පාකිස්තාන සංචාරය ප්‍රතික්ෂේප කිරීම නායකත්වයේ වෙනසක් සිදුකිරීමට ප්‍රධානතම කරුණ බවට පත්ව තිබිණි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඊයේ (29දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක අෑෂ්ලි ද සිල්වා පැවැසුවේ ඉදිරියේදී තරගාවලියෙන් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමට නායකයකු පත්කිරීමට තීරණය කර ඇති බවය. “හේතු කිහිපයක් මතයි අපි (තේරීම් කමිටුව ඇතුළු ක්‍රිකට් ආයතනය) තිසරව පත්කළේ. පාකිස්තානය සමඟ පැවැති විස්සයි-20 තරගාවලියේදී තිසර ඉතාමත් හොඳින් නායකත්වයේ කාර්යයේ නිරත වන බව අපි දැක්කා. අපි කිසිම අවස්ථාවක යම්කිසි වකවානුවක් සඳහා නායකයකු පත්කළේ නැහැ. උපුල් තරංග නායකත්වයට පත්කළේ 2019 ලෝක කුසලානය සඳහා බව අපි කිසිම අවස්ථාවක සඳහන් කළේ නැහැ. උපුල් තරංග පිතිකරණයෙන් තමන්ගේ කාර්යය කළාට නායකයකු වශයෙන් සාර්ථක වුණේ නැහැ. කොහොම වුණත් මේ පත්වීම ඉන්දීය සංචාරයට පමණයි. ඒත් තිසර ඉන්දීය සංචාරයේදී නායකත්වයේ වගකීම හොඳින් කළොත් ඉදිරි තරගාවලිත් ලැබීමට ඇති හැකියාව වැඩියි” යනුවෙන්ද අෑෂ්ලි අදහස් දැක්වීය.

මේ අතර මාධ්‍ය හමුව සඳහා පැමිණි නව නායක තිසර පෙරේරා පවසා සිටියේ තමාට ලැබුණු වගකීම 200%කින් ඉටු කිරීමට තමන් උපරිමයෙන් දායක වන බවය. “මම පොඩිකාලේ ඉඳලම ආසා කළේ ක්‍රිකට් ක්‍රීඩකයකු වෙන්න. ඉන් පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න ආසා කළා. ඒ කොහොම වුණත් අනෙක් අය වගේම මගෙත් අරමුණක් තිබුණා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වෙන්න. නායකයකු වීම ලෙහෙසි පහසු නැහැ. ඒකට ඉහළම සුදුසුකම් අවශ්‍යයි.” යනුවෙන් පැවැසූ තිසර ශ්‍රී ලංකා පිලේ පසුබෑම සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

නායකයෙක් වුනාට පස්සෙ කණ්ඩායමේ නිත්‍ය ක‍්‍රීඩකයෙක් වෙනවා..ඒක තමයි හොදකම නායකත්වයේ තියන..මගේ දස්කම් පසුගියකාලේ පසුබෑමක තිබ්බා ආයෙත් ඉහළට ආවා ඒ අතරතුරේ මම කණ්ඩායමට එනවා..යනවා ..හැබැයි දැන් මම දන්නවා නායකයා නිසා මම නිත්‍ය ක‍්‍රීඩකයෙක් ඒක නිසා මට කණ්ඩායම වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි.

පසුගිය කාලේ අපේ කණ්ඩායමේ ටිකක් පසුබෑමක් තිබ්බා..ඊට කලින් අපි නම්බර් 1, 2 හිටපු කණ්ඩායමක්..බැටින් ,බෝලින්, ෆිල්ඩීන් කාටවත් ඒවා කන්ට්‍රෝල් කරන්න බැරි දේවල්.තම තමන්ගේ මානසිකත්වය තියාගෙන ඉදිරියට එන තරගය ජයගන්න ඔ්න..පසුගිය කාලේ වෙච්ච දෙවල් අමතක කරමු..වැටිච්ච වලෙන් ගොඩට එන්න ඔ්න..මට දෙන කණ්ඩායමත් එක්ක මම උපරිමය කරනවා රට වෙනුවෙන්..

පසුගිය කට්ටිය කරපු දේවල් වෙච්ච දේවල් මගේ හිතෙන් මම අයින් කරල තියෙන්නේ.නායකයකුගේ දැක්ම පිටුපස බැලීමට නෙමෙයි ඉදිරිපස බැලීම..ග‍්‍රවුන්ඩ් එක ඇතුලෙ මම නායකයෙක්..ඒ වෙලාවට මම ප්ලෙයර්ස්ලත් එක්ක ගහන්න ඔ්න ගේම් ඔක්කොම ගහල එකක් හරි ජයග‍්‍රහණය කරන්න තමයි බලාපොරොත්තුව..ඉන්දීය සංචාරය අපිට විශාල අභියෝගයක් වුණත් අපිට ඒ තරගාවලිය ජයගන්න බැරිකමක් නැහැ” යනුවෙන්ද තිසරගේ අදහස විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *