කුසල් මෙන්ඩිස් සහ ආන්ජලෝ අවුට් උනේ හිතලද ? විචාරක ඇසින්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ තීරණාත්මක අවසන් දින‍ය අදයි.

එහිදි සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 388ක විශාල ඉලක්ක‍යක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම මේවනවිට ලකුණු 253කට කඩුලු පහක් දැවි අසීරු අඩියක සිටිනවා.

දිනය අරඹන විට කඩුල්ලෙ රැදි සිටි ඇන්ජලෝ මැතිවුස් සහ කුසල් මෙන්ඩිස් දෙදෙනාම ඉනිම අරබා මද වේලාවකට පසු දැවි ගිය අතර ඔහුන්ගේ දැවීයාම් බැලුබැල්මටම සැකසහිතය.

කුසල් මෙන්ඩිස් දක්ෂ ස්වීපර් ක්‍රීඩකයා ෆුලර් ලෙන්ග්ත් වැටුනු පන්දුවට ඔහු සාමාන්‍යයෙන් එල්ල නොකරන පහරක් එල්ල කරමින් පහසු උඩපන්දුවක් ලබා දී දැවි ගියා. මේ පහර සාමාන්‍ය‍යෙන් කුසල් එල්ල නොකරන අතර කිසිසේත්ම අවශ්‍ය නොවන පහරක් එල්ල කර පන්දු රකින්නාගේ අතටම උඩපන්දුව ලබා දීමක් උනා
ක්‍රිකින්ෆෝ හා ක්‍රික්බස් වැනි වෙබ් අඩවි වල සජීවි විස්තර සටහන් කරන්නන්ට මෙම දැවියාම අතිශය පුදුමසහගත බවද සටහන් කර තිබීමෙන් එය පැහැදිලියි.

දුර්වල පන්දුවකට සමාන්‍යයෙන් එල්ල නොකරන පහරක් එල්ල කරමින් ආන්ජලො මැතිවුස් දැවි ගියා. එයද අසාමාන්‍ය පහරක් වන අතර ක්‍රිමර් ගෙ අතම ඉලක්ක කර පිත්තේ මැදින් එල්ල කර පහරක් වුනා.

මෙම තරගය කණ්ඩායමේ නායකත්වය වෙනස් කරමින් ක්‍රීඩා කරන පළමු තරගය වන අතර නව නායක දිනේෂ් චන්දිමාල්ට ආන්ජලෝ මැතිවුස්ගෙන් සහ කුසල් මෙන්ඩිස්ගෙන් ලැබුනු සහය සැක සහිත බව ක්‍රිකට් ක්‍රීඩාව දන්නා පුද්ගලයන්ට පැහැදිලිය. මින් පෙර තිලකරත්න දිල්ශාන් නායකත්වය දරන සමයේද ආන්ජලො මැතිවුස් ඇතුලු සමහර ක්‍රිඩකයන් කණ්ඩායමට සිය උපරිමය ලබා නොදි තමන්ගේ පෞද්ගලික ලකුණු ගනන රැස් කරගෙන දැවි ගියා. එම නිසා තරග පරාජය වූවේ දිල්ශාන් නොව ශ්‍රී ලංකාවයි.

කුසල් මෙන්ඩිස් යනු ආන්ජලො මැතිවුස්ගේ හොදම ගෝලයා වන අතර මැතිවුස්ගෙන් පසු නායකත්වයට කුසල් මෙන්ඩිස් පත් කිරීමේ සැලසුමක් මැතිවුස් සංගා මහේල ඇතුලු පිරිස අතර තිබුනා.
කෙසේ නමුත් කිසිවෙකු නොසිතු ලෙස ආන්ජලො මැතිවුස්ට නායකත්වයෙන් ඉවත් වීමට සිදු වූ අතර දැන් කණ්ඩායම තුල පිල් බෙදීමක් තිබෙනා බව පැහැදිලියි. කුසල් මෙන්ඩිස් සියලුම දේ කරන්නේ ආන්ජලො මැතිවුස්ට අවශ්‍ය ලෙස බවට කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහ කළ ප්‍රකාශයක්ද ක්‍රීඩා අභ්‍යන්තරයේ පිරිස් වලට පමණක් සීමාවි තිබුනා.

ක්‍රිඩකයන් මෙලෙස සිය පෞද්ගලික අරමුණු වෙනුවෙන් කණ්ඩායම තුල බෙදීම් ඇති කර ගන්නවා නම් එවැනි ක්‍රීඩකයන් කොතරම් ජ්‍යේෂ්ට වූවත් , තරග නොදිනවා කොතරම් පෞද්ගලික ලකුණු රැස් කලත් ඔහුන් කණ්ඩායමෙන් ඉවත් කළ යුතුය.

ආන්ජලෝගේ සහ කුසල් මෙන්ඩිගේ දැවියාම් ඉංග්‍රීසි වෙබ් අඩවි වාර්තා කළ අයුරු

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *