වසර පහක් තිස්සේ ජාතික කණ්ඩායමට දොර විවර වන තෙක් බලා සිටිනා ශ්‍රී ලංකාවේ හොදම පළමුපෙල දග පන්දු යවන්නා .!

වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ පළමුපෙල හොදම දග පන්දු යවන්නා ලෙස නම් දරා සිටින්නේ වමතින් දග පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාරයි.

පළමුපෙල තරගාවලියේ හලාවත මේරීයන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන මලින්ද පුෂ්පකුමා‍ර මේ වන විට පළමු පෙළ තරඟ 99 කට ක්‍රීඩා කර දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 558 ක්.. මුත්තයියා මුරලිදරන්ගෙන් පසු පෙළ කඩුළු 500 සීමාව පසුකල ශ්‍රී ලංකාවේ එකම පන්දු යවන්නා වන මලින්ද ලොව පලමු පෙළ කඩුලු 500 ඉක්මවූ පන්දු යවන්නන් අතලොස්ස අතරට එක්ව සිටිනවා. පළමුපෙල කඩුලු 500ක් දාගෙන ජාතික කණ්ඩායමේ අවස්තාවක් හිමිනොවුනු එකම ක්‍රීඩකයා ලෙසින්ද මලින්ද වාර්තාවක් උසුලනවා.

2016/17 වර්ෂයේදී හලාවත මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් මාලින්ද කඩුලු 77ක් දවා ගත් අතර මේ වසරේදීත් සුපුරුදු ලෙසම පළමු පෙළ තරග වල වැඩිම කඩුළු ලාභියා මාලින්දයි.
තුන්දින හා සිවුදින තරග වල පමණක් නොව ශූරයන්ගේ කුසලානයට ක්‍රීඩාකරන කණ්ඩායම තෝරා ගැනීම සදහා පැවැත්වූ පළාත් ක්‍රිකට් තරඟාවලියේද වැඩිම කඩුලු ලාභියා වෙමින් මේ වසර තුළ ඔහු ක්‍රීඩා කළ පළමු පෙළ තරඟ 11ට කඩුලු 100ක් දවාලීමට ඔහු සමත්ව ඇත.

ජාතික කණ්ඩායමට ක්‍රිඩා කරනා බොහෝ දග පන්දු යවන්නන්ට මලින්ද පුෂ්පකුමාරගේ කඩුලු වාර්තාව අසලටවත් පැමිනීමට නොහැකි අතර මෙතරම් දක්ෂ ක්‍රීඩකයන් පළමුපෙළට පමණක් සීමා කිරීම පිළිබද ශ්‍රී ලංකා තේරීම් කමිටුව වගකිව යුතුය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *