“එවෙලෙ පීඩනේට කොල්ලොන්ට බැන්නා – දැන් දුකයි , කරපු වැරැද්දට සමාව ගත්තා” සර්ෆ්‍රාස් සියල්ල හෙළි කරයි .!

තරගයේ ස්‌වභාවය අනූව තම සගයන්ට ටිකක්‌ සැරෙන් කතා කළත් තරගයෙන් පසුව ඔවුන්ගෙන් සමාව ගත් බව පාකිස්‌තාන් නායක සර්ෆාස්‌ අහමඩ් පවසයි.

ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි එක්‌දින තරගයේ ඇතැම් අවස්‌ථාවල අහමඩ් හැසිරෙන ආකාරය රූපවාහිනිය ඔස්‌සේ විටින් විට පෙන්වු අතර එහිදී ඔහු ක්‍රීඩකයන්ට බැන වදින අයුරුද දිස්‌විය.

“තරගයේ තත්ත්වය අනූව මට කෑ ගහන්න සිද්ධ වුණා. මගේ කොල්ලන් හැම දෙනාම දන්නවා ඒ තත්ත්වය මොකක්‌ද කියලා. නමුත් තරගයෙන් පස්‌සෙ මම ඔවුන්ගෙන් සමාව ගත්තා. මේ තරගයේදී අපි පිතිකරුවන් ලෙස උපරිම කළේ නැහැ. නමුත් බාබර් අසාම් විශිෂ්ට පිතිකරුවකු බව පෙන්නුවා. ඔහු ටෙස්‌ට්‌ තත්ත්වයේ සිටි ඉදිරියට ආ යුතුයි. අත්දැකීම් ලැබෙන විට බාබර් තවත් විශිෂ්ට වෙයි.” යනුවෙන් අහමඩ් පැවසීය.

කෙසේ වෙතත් අද පැවැත්වෙන තරගයේදී පළමුව පිති ප්‍රහාරයේ යෙදෙනවාද නැතිනම් පන්දු යවනවාද යන්න තීරණය කරනු ලබන්නේ තරගය දිනයේ තිබෙන කාලගුණ තත්ත්වය සහ තණතීරුව අනූව බවද අහමඩ් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *