“මේ මම වැඩ කරන අන්තිම වතාව , තිලංග එක්ක නම් බෑ” ක්‍රිකට් හදන සැලසුම දයාසිරිට දීලා මහේල සැර කතාවක් කියලා .!

වසර දෙකක කාලයක් සඳහා ක්‍රීඩා අමාත්‍යංශයට උපදෙස් ලබාදීමට හේමක අමරසූරිය, අනුර තෙන්නකෝන්, අරවින්ද සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන ඊයේ (03) පස්වරුවේ කැමැත්ත පළ කර තිබෙනවා. කෙසේ නමුත් ක්‍රිකට් පාලක මණ්ඩලය හා සම්බන්ධවීම මහේල ජයවර්දන දැඩිව ප්‍රතික්ෂේප කර තිබෙන බව සදහන්. මෙම කමිටුව පරිපාලනය සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත අතර 2019 ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා පසුබිම සැකසීමද ඔවුන්ට බාරදී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වෙනස්‌වීම් සිදුකරන පළමු සාකච්ඡා වටය ක්‍රීඩා අමාත්‍ය්ංශයේදී අරඹමින් මහේල මේ බව කියා සිටියා. බත්තරමුල්ල වෝටර්ස්‌ ඒඡ් හිදී පැවැති ක්‍රිකට්‌ හදන සාකච්ඡාවකදී ගන්නා ක්‍රියාමාර්ග කරුණු දහයක්‌ යටතේ වර්ග කරමින් අදාළ යෝජනා ගොනු කර තිබේ. එහි අඩංගු කරුණු කෙටි සහ දීර්ඝ කාලීන වශයෙන් ක්‍රියාත්මක කළ යුතු ආකාරය හේමක අමරසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවකට ඇමැතිවරයා විසින් භාරදී තිබේ.

අදාළ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්‌කාර කටයුතු කරන අතර ඔවුන් සියලු දෙනා විසින් ගන්නා තීන්දු තීරණ ඇමැතිවරයා විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලබයි. අදාළ කමිටුවේ සහායට ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාද පත්කර තිබේ.

ඒ අනුව කෙටි කාලීන විසඳුම පළමුව ක්‍රියාත්මක කරන අතර එය මාස තුනක්‌ ඇතුළත සකස්‌ කළ යුතුවේ. ඡන්ද ක්‍රමය වෙනස්‌ කිරීම ඇතුළු අනිකුත් කටයුතු වසර දෙකක්‌ ඇතුළත සකස්‌ කරදෙන ලෙසට අදාළ කමිටුවට ඇමැතිවරයා උපදෙස්‌ ලබාදී තිබේ. ක්‍රීඩකයන්ගේ විනය, ශාරීරික යෝග්‍යතාව, සහ සම්බන්ධතාව, ක්‍රිකට්‌ ආයතනයේ මූල්‍ය පටිපාටිය, පළාත් පුහුණුකරුවන් කෙසේ විය යුතුද යන්න දීර්ඝ කාලීන ක්‍රමවේදයකට සකස්‌ කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *