තරග පාවා දුන් ඇන්ජලෝට වැඩ වැරදෙයිද ? පාවා දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එරෙහිව පරීක්ෂණ කරන්න ICC යෙන් ශ්‍රී ලංකාවට .!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව තිබෙන දූෂණ වංචා සහ තරග පාවාදීම් පිළිබදව අන්තර්ජාතීක ක්‍රිකට් කවුන්සලය පරික්ෂණයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.

මේ පිළිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ නිළධාරීන් සිය පරීක්ෂණ සදහා දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ තරග පාවාදීමේ සිදුවීම පිළිබදව විමර්ෂණයක් අරඹා තිබෙන තිබෙන බවයි.

මේ පිළිබදව මාධ්‍යයට අදහස් දක්වන අයි.සි.සී. දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් පවසන්නේ “ක්‍රිකට් ක්‍රීඩාවේ අවංකත්වය වර්ධනය කිරීම අයි.සී.සී. දූෂණ විරෝධී ඒකකයේ වගකීම බවත් එම නිසා ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇතැයි බව කියන තරග පාවාදීම පිළිබදව විමර්ෂණ ඇරඹූ බවත් ය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඇලෙක්ස් මාෂල් පවසා සිටියේ  “ඒ දූෂණ සම්බන්ධයෙන් යම් කිසි තොරතුරු තිබේනම් අපි පරීක්ෂණ පවත්වනවා. ඒ නිසයි අපි දැන් ශ්‍රී ලංකාවේ පරීක්ෂණ කටයුතු සිදුකරන්නේ” යනුවෙනි. කෙසේ වෙතත් මෙම පරීක්ෂණ වලින් චෝදනා වලින් ආන්ජලෝ මැතිවුස් වැරදිකරු වුවහොත් ඔහුට තරග තහනම් වීමට පවා හැකි අතර තරග පවා දුන් සැමට දඩුවම් එල්ල වනු ඇත. මේ පිළිබදව පැමිණිලි කර ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලූ දිනේෂ් චන්දිමාල් සහ උපුල් තරංගට අයි.සි.සියෙන් දැඩි ප්‍රශංසා ව්ල්ල වී තිබීම විශේෂත්වයකි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *