නව තේරීම් කමිටු සභාපතිවරයා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සාකච්ඡා ඇරඹේ , නව තේරීම් සභාපති වන තිලංගගේ හිතවතා මෙන්න .!

පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස අරවින්ද ද සිල්වා පත්කිරීම සඳහා සුදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.
අරවින්ද ද සිල්වාට ක්‍රිකට්‌ උපදේශක තනතුරක්‌ පිරිනැමීම කෙරෙහිද අවධානය යොමුව ඇති අතර එසේ වුවහොත් ඔහුට අදාළ රාජකාරි දෙකම හෝ දෙකෙන් එකක්‌ භාර ගන්නා ලෙස කියා ක්‍රිකට්‌ ප්‍රධානීන් අරවින්ද සමග සාකච්ඡා කොට ඇතැයි වැඩිදුරටත් සදහන් වේ.

සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට්‌ තේරීම් කමිටුව ඉවත්වීමෙන් හිස්‌වන ක්‍රිකට්‌ තේරීම් කමිටුවට විනෝදන් ජෝන්, ජයන්ත සෙනෙවිරත්න, ඒ.ආර්. අරූෂ්, ලෙස්‌ලි නාරන්ගොඩ, ජයන්ත පරණතාල සහ හේමන්ත වික්‍රමරත්න යන අයගේ නම්ද යෝජනා වී තිබූ අතර තවත් නම් කිහිපයක්‌ම ඊයේ රාත්‍රියේදී අදාළ තනතුරට යෝජනාවීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් යෝජනාවූ නම් අතරින් තේරීම් කමිටුව සඳහා වැඩිම අත්දැකීම් සහ පළපුරුද්ද ඇති අරවින්ද ද සිල්වා මීට පෙර 2011 ලෝක කුසලානය වන තෙක්‌ වසර දෙකකට ආසන්න කාලයක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. අරවින්ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 93 කදී ශතක 20 ක්‌ සහ අර්ධ ශතක 22 ක්‌ ලබා ඇති අතර එහිදී ඉනිමක සාමාන්‍ය 42.92 කි. ඔහු එක්‌දින තරග 308 කදී ශතක 11 ක්‌ සහ අර්ධ ශතක 64 ක්‌ සමග මුළු ලකුණු 9284 ක්‌ ලබා තිබේ.

යෝජනාවී ඇති අදාළ නම් අතුරින් තිලංග සුමතිපාලට සිව් දෙනකු හෝ පස්‌දෙනකු තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *