“ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් රසිකයන් පාලනය කරන්න ජල ප්‍රහාරක රථ , පොලිස් නිළධාරීන් දහසක් ක්‍රීඩා පිටියේ ” රසිකයන්ට වතුර බොන්නත් තහනම් කරමින් සුමතිපාල ගත්තු අපූරු තීරණය .!

ඉන්දීයාව සහ ශී‍්‍ර ලංකාව අතර එක්දින තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා.
පසුගියදා පැවැති පල්ලේකැලේ පැවති තුන්වෙනි එක්දින තරගය අතරතුර ප්‍රේක්ෂකයන් කලහකාරී ලෙස හැසිරුනු අතර සිවුවෙනි හා පස්වෙනි තරග පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස පිටියේයි.

පෙර සිදුවූ කලහකාරී සිදුවීම් නිසා ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඉදිරියේ දී පැවැත්වෙන තරග නැරඹීමට කි‍්‍රඩාංගණය තුළට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ට භාණ්ඩ කිහිපයක් රැගෙන එ්ම තහනම් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ආරක්ෂක අංශය තීරණය කර තිබෙනවා.

 

 

එ් අනුව වීදුරු බෝතල්, නලා, තියුණු ආයුධ, මත්පැන්, ගිනි පෙට්ටි, දුම්වැටි ද කී‍්‍රඩාංගණය තුළට රැගෙන ඒම තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ධජ ලෙළදීම සඳහා යොදා ගන්නා උපකරණ ද කී‍්‍රඩාංගණය තුළට රැගෙන එ්ම තහනම්.

ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර පැවැත්වෙන සිව්වන හා පස්වන එක්දින තරග සහ පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය සඳහා මෙම භාණ්ඩ තහනම පැනවෙනු ඇති.

කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයට තරග නැරඹීමට පැමිණෙන කී‍්‍රඩා ලෝලීන් ද දැඩි පරීක්ෂාවකට ලක් කිරීමටයි නියමිතව ඇත්තේ.
කී‍්‍රඩාංගණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් දහසක් යොදවනු ඇති බවද සදහන්.මේ සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් සියයක් ද යොදවන බව සදහන්.

එමෙන්ම පේ‍්‍රක්ෂකාගාර තුළ ද සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන තිබෙන අතර ආරක්ෂිත කැමරා 100ක් පමණ කි‍්‍රයාත්මක බවත් ඉතිහාසයේ ප්‍රථමවතාවට ක්‍රිඩා පිටියට පැමිණ තරග නරඹන රසිකයන් පාලනය කිරීමට කැරළි මර්දන එ්කක සහ පොලිස් ජල ප‍්‍රහාරක රථ ද යෙදවීමට කටයුතු යොදා තිබිම විශේෂයි.

 

මේ සියලුම තීරණ තිලංග සුමතිපාල විසින් ගෙන ඇත්තේ සිය ගැලවිජ්ජාවට පමණක් බවත් , සැබැ ප්‍රශ්න නොවිසදා බුකි සුමති රසිකයන්ට මෙලෙස සැලකීම අනුමත කල නොහැක.

 

පොලිස් ජල ප්‍රහාරක රථ යොදවා එවායෙන් ක්‍රිඩා රසිකයන් මර්ධනය කිරීම විහිලුවක් බවත් , ක්‍රිඩාව රදා පවතින්නේ රසිකයන් මත නිසා තාවකාලික පැලැස්තර නොයොදා ක්‍රිඩාවේ ගැටලු වලට සැබැ විසදුම් ලබා දීමට පාලනාධිකාරිය තීරණය කළ යුතු බව අපගේ මතයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *